ක්වන්ටාස් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරයි. 

ක්වන්ටාස් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරයි. 

ක්වන්ටාස් ගුවන් සමාගම මේ වසරේ ජූලි මාසයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වෙන් කිරීම් නැවත විවෘත කර තිබේ. ඕස්ට්‍රේලියානු ගුවන් සේවයක් වන ක්වන්ටාස් සමාගම මාස ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ගමන් නතර කර තිබූ නමුත් දැන් 2021 මැද සිට නැවත වෙන් කිරීම් විවෘත කර ඇත.

ජූලි 1 වනදා සිට එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුළු විදේශීය ගුවන් ගමන් වෙන්කරවා ගත හැකිය.

කෙසේ වෙතත්, ෆෙඩරල් රජය අනතුරු ඇඟවූයේ එසේ කිරීමට ආරක්ෂිත වන තෙක් ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත නොකරන බවයි.

පසුගිය මාස කිහිපය තුළ ගුවන් සේවය විසින් නැවත විදේශයන් හි අතරමං ව සිටි ඕස්ට්‍රේලියානුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සුළු සංඛ්‍යාවක් පවත්වා ඇති නමුත් අනෙක් සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් නතර කර ඇත.

ක්වන්ටාස් පවසා ඇත්තේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භය තීරණය වන්නේ කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කිරීම සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම යන කරුණු දෙක මත බවයි.

“2021 ජූලි මාසයේ සිට ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ වනු ඇතැයි අපේ අපේක්ෂාව පිළිබිඹු කිරීම සඳහා මෑතකදී අපි අපගේ ජාත්‍යන්තර ගුවන් ටිකට්පත් විකිණීම පෙළගස්වා ඇත්තෙමු.”යනුවෙන් ක්වන්ටාස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ක්වාන්ටස් පැවසුවේ මාර්තු මාසයේ සිට එහි ගුවන් ගමන් කිහිපයක් විකිණී ඇති අතර ඒවා ජූලි දක්වා කල් දමා ඇති බවයි.

කෙසේවෙතත්, ක්වන්ටාස්ට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මයිකල් මැකෝර්මාක් පැවසුවේ “ඕස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව” රජයේ “ප්‍රමුඛතාවය” ලෙස පවතින බවයි.

“ජාත්‍යන්තර පැමිණීම ඕස්ට්‍රේලියානුවන්ට අවදානමක් නොවන විට ජාත්‍යන්තර දේශසීමා විවෘත වනු ඇත,” මැකෝර්මාක් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

(9News)

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »