ඕස්ට්‍රේලියානු කම්කරුවන් සඳහා කොරෝනා එන්නත අනිවාර්‍ය කිරීමට ඉල්ලීමක්!

ඕස්ට්‍රේලියානු කම්කරුවන් සඳහා කොරෝනා එන්නත අනිවාර්‍ය කිරීමට ඉල්ලීමක්!

ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සංවිධාන COVID-19 එන්නත ලබා දීමටත් පෙර, කම්කරුවන්ට කොරෝනා එන්නත අනිවාර්‍ය කිරීම සඳහා නීතියක් ගෙන ඒමට රජයෙන් ඉල්ලා සිටී.

ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සංවිධාන කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් ස්ට්‍රෝං පැවසුවේ ව්‍යාපාරික අයිතිකරුවන් මේ පිළිබඳව අදහස් දක්වා සිටි බවයි.

“යමෙක් එන්නත ප්‍රතික්ෂේප කළහොත්, සේවා යෝජකයෙකු ලෙස මගේ අයිතිවාසිකම් මොනවාද, මා සිටින්නේ කොතැනද?” යනුවෙන් ප්‍රශ්න තමා වෙත කුඩා ව්‍යාපාරිකයින් විසින් ඉදිරිපත් කර ඇති බවට ඔහු පැවසීය​.

ෆෙඩරල් රජය සියලුම ඕස්ට්‍රේලියානුවන්ට නොමිලේ එන්නතක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති නමුත් එය ඕනෑම කෙනෙකුට ස්වේච්ඡාවෙන් ලබා ගත හැක​.

මාර්තු මාසයේ දී ඕස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කිරීමට සියලු වැඩසටහන් සූදානම් කර ඇති නමුත් එන්නත ලබන වසර අවසානය දක්වා ජනතාවට පුළුල් ලෙස ලබා ගත නොහැකි ය.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »