Day: December 27, 2020

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත පළමුව කොළඹ ජනතාවට ලබා දීමට තීරණයක්!

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත පළමුව කොළඹ ජනතාවට ලබා දීමට තීරණයක්! කොරෝනා එන්නතක් ශ්‍රී ලංකාවට​ ගෙන්වීම පිළිබඳව ලබන සඳුදා වනවිට තවත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒ සඳහා සම්බන්ධීකරණයට පත්කළ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසනවා. එම එන්නත් ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව හා ප්‍රමුණතාව මත තීරණය කෙරෙනවා. සෞඛ්‍ය, ආරක්ෂක අංශ, සහ ජන ඝනත්වයෙන් ඉහළ කොළඹ ප්‍රදේශවල ජනතාවට ප්‍රථමයෙන් එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ.

Read More »

ඕස්ට්‍රේලියානු කම්කරුවන් සඳහා කොරෝනා එන්නත අනිවාර්‍ය කිරීමට ඉල්ලීමක්!

ඕස්ට්‍රේලියානු කම්කරුවන් සඳහා කොරෝනා එන්නත අනිවාර්‍ය කිරීමට ඉල්ලීමක්! ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සංවිධාන COVID-19 එන්නත ලබා දීමටත් පෙර, කම්කරුවන්ට කොරෝනා එන්නත අනිවාර්‍ය කිරීම සඳහා නීතියක් ගෙන ඒමට රජයෙන් ඉල්ලා සිටී. ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර සංවිධාන කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් ස්ට්‍රෝං පැවසුවේ ව්‍යාපාරික අයිතිකරුවන් මේ පිළිබඳව අදහස් දක්වා සිටි බවයි. “යමෙක් එන්නත ප්‍රතික්ෂේප කළහොත්, සේවා යෝජකයෙකු ලෙස මගේ අයිතිවාසිකම් මොනවාද, මා සිටින්නේ කොතැනද?” යනුවෙන් ප්‍රශ්න තමා වෙත කුඩා ව්‍යාපාරිකයින් විසින් ඉදිරිපත් කර ඇති බවට ඔහු පැවසීය​. ෆෙඩරල්

Read More »