‘ක්ෂුද්‍රජීවී දූෂණය’ හේතුවෙන් වුල්වර්ත්ස් හි විකිණීමට තිබූ ශීත කළ ඉස්සන් පැකට් වර්ගයක් නැවත කැඳවනු ලැබේ.

‘ක්ෂුද්‍රජීවී දූෂණය’ හේතුවෙන් වුල්වර්ත්ස් හි විකිණීමට තිබූ ශීත කළ ඉස්සන් පැකට් වර්ගයක් නැවත කැඳවනු ලැබේ.

සුපිරි වෙළඳසැල් දැවැන්තයෙකු වන වුල්වර්ත්ස් විසින් ඕස්ට්‍රේලියාව පුරා ශීත කළ ඉස්සන් පැකට් ක්‍ෂුද්‍ර ජීවී ආසාදනයක් ඇති වී රෝග සහගත තත්වයක් ඇති වේ යැයි බියෙන් එම නිෂ්පාදනය නැවත කැඳවීමට තීරණය කර ඇත​. “ක්ෂුද්‍රජීවී දූෂණය” නිසා ඉස්සන් ආහාරයට නොගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.

නැවත කැඳවීම වුල්වර්ත්ස් නිෂ්පාදනයක් වන අතර එම නිෂ්පාදනය පිසින ලද කොක්ටේල් ඉස්සන් කි.ග්‍රෑ 1 පැකට්ටුවක් වන අතර එහි පාවිච්චියට සුදුසු දිනය(Best before date) 21/02/2022 ලෙස සඳහන් වී ඇත​.

එය ACT, නිව් සවුත් වේල්ස්, ටස්මේනියා, වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා, උතුරු ප්‍රදේශය සහ බටහිර ඕස්ට්‍රේලියා යන ප්‍රාන්තවල​ විකිණීමට තිබූ නිෂ්පාදන කෙරෙහි බලපායි.

මෙලෙස දූෂිත ඉස්සන් පැකට් නැවත තම මිලදී ගත් වුල්වර්ත්ස් ශාඛාව වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර මේ සඳහා මුළු වියදම වුල්වර්ත්ස් විසින් ගෙවනු ලබයි.

මෙම නැවත කැඳවීම නිසා ඇති වූ අපහසුතාවයට වුල්වර්ත්ස් සිය ගනුදෙනුකරුවන්ගෙන් සමාව අයදින අතර නැවත කැඳවීම පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් මෙම පාරිභෝගික සේවා අංකයට අමතන්න: 1800 103 515

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »