මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
සැකකරුවන් තිදෙනා මෙල්බන් හි සුඛෝපභෝගී නිවාස සොරකම් 60 කට අධික ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඔවුන් විසින් සොරකම් කරන ලද භාණ්ඩ වල වටිනාකම ඩොලර් මිලියනයක් බව සදහන්.
සැකකාර අයර්ලන්ත ජාතිකයින් තිදෙනා වයස අවුරුදු 19,24 සහ 25 වයසේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
මොවුන් මාස 6කට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර එතැන් පටන් මෙලෙස නිවාස සොරකම් සදහා යොමුව ඇති බවයි විමර්ශන වලදී තහවුරු වී ඇත්තේ.
විශේෂයෙන් Blackburn, Doncaster, Narre Warren, Hampton Park Narre Warren සහ Templestowe යන ප්‍රදේශ වල සොරකම් සදහා නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සොරකම් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ නිවැසියන් නිවෙස්වලින් බැහැරව සිටියදී බව පොලීසිය සදහන් කළා.
ඉතා සූක්ෂම ලෙස මෙම කොල්ලකෑම් සිදු කර ඇති අතර ඔවුන් පිළිබද කිසිදු සාක්ෂියක් නොමැතිවන පදිරි නිවෙස් තුළ ආගිය තැන් පිරිසිදු කිරීමේ දියර යොදා පිරිසිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙල්බර්න් ගුවන් තොටුපළ අසල හෝටලයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තිදෙනාම අද මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.