අධික ලෙස බෝවන නව කොරෝනා ප්‍රභේදය සහිත රෝගීන් එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවට වාර්තා වේ.

අධික ලෙස බෝවන නව කොරෝනා ප්‍රභේදය සහිත රෝගීන් එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවට වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයින් තුළ එක්සත් රාජධානියේ අධික ලෙස බෝවන විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදය සහිත රෝගීන් අනාවරණය වී ඇත​.

නිව් සවුත් වේල්ස් රජය පවසන්නේ එක්සත් රාජධානියේ සිට COVID-19 වෛරසයේ විකෘති නව ප්‍රභේදය සහිත කොරෝනා රෝගීන් ඕස්ට්‍රේලියාව වෙත ගමන් කර ඇති බවයි. කෙසේවෙතත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ වර්ධනය වන කොරෝනා ආසාදිතයින් අතරේ මෙම වයිරස් ප්‍රභේදය හමු වී නොමැති බව සඳහන් වේ.

කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය ගිනිකොනදිග එංගලන්තයේ වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර යුරෝපීය රටවල් කිහිපයක් එක්සත් රාජධානියේ සංචාරකයින් හට තම දේශ සීමා වසා දමා ඇත​.

අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිව් සවුත් වේල්ස් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි කෙරී චැන්ට් පැවසුවේ එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයින් දෙදෙනෙකු මෙම කොරෝනා වයිරස් ප්‍රභේදය වැළඳි පුද්ගලයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි.

මෙම වයිරසය හා බැඳි එක් සිද්ධියක් ඕස්ට්‍රේලියාවේදී අනාවරණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙක් පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ Maria Van Kerkhove පැවසුවේ  නෙදර්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ ද මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවය​.

අධික ලෙස බෝවන මෙම කොරෝනා වයිරස් ප්‍රභවය හේතුවෙන් එක්සත් රාජධානියේ ගිණිකොන දිග ප්‍රදේශයේ දැඩි lockdown තත්වයක් ක්‍රියාත්මක කොට ඇති අතර එය මිලියන 16 ක ජනතාවකට බලපා ඇත.

එක්සත් රාජධානියේ බලධාරීන් පවසා ඇත්තේ වෛරසයේ නව ප්‍රභේදය මුලදී වාර්තා වූ ප්‍රභේදයට වඩා සියයට 70 ක් දක්වා පුද්ගලයින් අතර​ සම්ප්‍රේෂණ හැකියාවක් පවතින බවයි.

කෙසේ වෙතත්, වෛද්‍ය Maria Van Kerkhove පවසන්නේ වෛරසයේ මෙම නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ තවදුරටත් ව්‍යාප්ත වී නොමැති බවයි.

(ABCNews)

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »