නිවසේදීම සිදු කල හැකි COVID-19 සඳහා වේගවත් ප්‍රතිඵල ලබාදෙන පරීක්ෂණ කට්ටල් අමෙරිකා එක්සත් ජනපදයේ වෙළඳසැල්වල​ ළඟදීම!

නිවසේදීම සිදු කල හැකි COVID-19 සඳහා වේගවත් ප්‍රතිඵල ලබාදෙන පරීක්ෂණ කට්ටල් අමෙරිකා එක්සත් ජනපදයේ වෙළඳසැල්වල​ ළඟදීම!

Ellume’s over-the-counter rapid test for COVID-19 approved for use in the United States.

සෞඛ්‍ය​ නිලධාරීන්ගේ අවසරය ලබා දීමෙන් පසු නිවසේදීම සිදු කල හැකි COVID-19 සඳහා වේගවත් වේගවත් ප්‍රතිඵල ලබාදෙන පරීක්ෂණ කට්ටල් එක්සත් ජනපදයේ ඔසුසැල් කවුන්ටර් හරහා ළඟදීම ලබා ගත හැකිය.

ඕස්ට්‍රේලියානු සමාගමක් වන Ellume විසින් නිෂ්පාදිත මෙම පරීක්ෂණ කට්ටල්, වෙළඳසැල්වල වෛද්‍ නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවකින් තොරව මිලදී ගැනීමට සහ තනිවම එම පරීක්‍ෂණය සිදු කර ගැනීමට​ මිනිසුන්ට හැකි වන පළමු අවස්ථාව මෙයයි.

පරිශීලකයින් නාසික සාම්පලයක් ගෙන, දියර බින්දු කිහිපයක් කුඩා ප්ලාස්ටික් උපාංගයකට ඇතුල් කර යුතුයි. මෙය සාමාන්‍ය ගර්භණී පරීක්‍ෂාවක් හා සමාන ක්‍රියාවලියකි.

පරීක්ෂණ කට්ටලය​ විනාඩි 15 කින් වෛරසයේ මතුපිට ඇති ප්‍රෝටීන හඳුනාගෙන සියයට 96 ක නිරවද්‍යතාවයකින් යුත් ස්මාර්ට්ෆෝන් යෙදුමකට ප්‍රතිඵල ලබා දෙයි.

මෙම පරීක්ෂණ කට්ටල් ෆාමසි වැනි ස්ථානවල විකුණනු ලැබේ. “රෝගියෙකුට එය මිලදී ගත හැකි අතර ඔවුන් ගේ කොරෝනා පරීක්ෂණය පවත්වා ප්‍රතිඵල මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයක් තුළදී සොයාගත හැකිය” යනුවෙන් FDA කොමසාරිස් ස්ටීවන් හාන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

බ්‍රිස්බේන් හි නිෂ්පාදකයෙකු වන Ellume පැවසුවේ 2021 පළමු භාගය තුළ නිෂ්පාදනය වේගවත් කිරීමට පෙර මේ මාසයේ පරීක්ෂණ කට්ටල්  මිලියන 3 ක් නිපදවීමට අපේක්ෂා කරන බවයි.

සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම පරීක්ෂණ කට්ටලයක් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 30 ක් (AUD $ 39) පමණ මිලක් නියම කරන බවයි.

(7News)

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »