වික්ටෝරියානුවන් සඳහා​ ඩොලර් 200 සංචාරක වවුචර අද​ (11/12) උදේ 10 සිට නිකුත් කෙරේ.

වික්ටෝරියානුවන් සඳහා​ ඩොලර් 200 සංචාරක වවුචර අද ​(11/12) උදේ 10 සිට නිකුත් කෙරේ.

වික්ටෝරියානුවන් සඳහා ප්‍රාන්ත රජය විසින් පිරිනමනු ලබන ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර පළමු වරට නිකුත් කිරීමට සූදානම් වේ.

සිකුරාදා(11/12) උදේ 10 ට වික්ටෝරියානුවන් සඳහා ලියාපදිංචිය විවෘත වන විට වවුචර 40,000 සඳහා ඉහළ ඉල්ලුමක් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන යටතේ සංචාරකයින්ට ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශවල නවාතැන්, අත්දැකීම් හෝ සංචාර සඳහා අවම වශයෙන් ඩොලර් 400 ක් වැය කළහොත් ඩොලර් 200 ක් ආපසු ගෙවනු ලැබේ.

සංචාරක අමාත්‍ය Martin Pakula අපේක්ෂා කරන්නේ මෙම යෝජනා ක්‍රමය ඉතා ජනප්‍රිය වනු ඇති බවයි.

වවුචරයට ප්‍රවේශ වීම සඳහා වික්ටෝරියානුවන් business.vic.gov.au වෙත ගොස් ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කළ යුතුය.

වාසනාවන්ත පළමු 40,000 අයදුම්කරුවන් විද්‍යුත් තැපෑලෙන් තහවුරු කරනු ලැබේ.

මඟ හැරුණු අය සඳහා තවත් වවුචර 80,000 ක් ඉදිරියේදී ලබා දෙනු ඇත​. ඊට අමතරව ජනවාරි 20 වන දින සහ මාර්තු 30 වන දින තවත් වවුචර් පත් නිකුත් කිරීමට අපේක්‍ෂිතයි.

සුදුසුකම් ලත් ගමනාන්තයන් අතර Yarra Valley, Mornington Peninsula සහ Bellarine ඇතුළත් වන අතර නිවැසියන්ට ඔවුන්ගේ ගමන් දැනටමත් වෙන්කරවා ගෙන තිබුණද අයදුම් කළ හැකිය.

ඩොලර් මිලියන 28 ක සංචාරක වවුචර් යෝජනා ක්‍රමය නොවැම්බර් මාසයේදී රාජ්‍ය අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 300 ක සංචාරක පැකේජයක කොටසකි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව කොරෝනා වයිරස් සිද්ධීන් නොමැතිව දින 41 ක් ගත වී ඇති අතර​ මෙම වැඩසටහන නැවුම් ලෙස ආරම්භ වනු ඇත.

ආපසු පැමිණි සංචාරකයින් 189 දෙනෙකු බ්‍රහස්පතින්දා මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ අතර, අවම වශයෙන් ජාත්‍යන්තර සංචාරකයින් 405 ක් මේ වන විටත් නිරෝධායනය වෙමින් සිටියි.

(7News)

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »