Day: December 11, 2020

#Breaking News -නවසීලන්ත වැසියන්ට මෙම සති අන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විවෘත වේ.

නවසීලන්ත වැසියන්ට මෙම සති අන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විවෘත වේ. ක්වීන්ස්ලන්තය සිය දේශසීමා නවසීලන්තයේ සංචාරකයින් සඳහා හෙට අලුයම 1 සිට විවෘත කරන බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk නිවේදනය කරයි. ඇය මීට ටික වේලාවකට පෙර මෙම දැනුම් දීම නිකුත් කර ඇත​. “හෙට අලුයම 1 සිට නවසීලන්තයෙන් පැමිණෙන අමුත්තන් ක්වීන්ස්ලන්තයටද සාදරයෙන් පිළිගනිමු. ඉදිරියේදී නවසීලන්තයට නැවත පැමිණෙන​ ඕස්ට්‍රේලියානුවන් ද හෝටල්  නිරෝධායනය කිරීමට සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” ඇය තවදුරටත් අදහස් දැක්වීය​. (9News)

Read More »

වික්ටෝරියානුවන් සඳහා​ ඩොලර් 200 සංචාරක වවුචර අද​ (11/12) උදේ 10 සිට නිකුත් කෙරේ.

වික්ටෝරියානුවන් සඳහා​ ඩොලර් 200 සංචාරක වවුචර අද ​(11/12) උදේ 10 සිට නිකුත් කෙරේ. වික්ටෝරියානුවන් සඳහා ප්‍රාන්ත රජය විසින් පිරිනමනු ලබන ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර පළමු වරට නිකුත් කිරීමට සූදානම් වේ. සිකුරාදා(11/12) උදේ 10 ට වික්ටෝරියානුවන් සඳහා ලියාපදිංචිය විවෘත වන විට වවුචර 40,000 සඳහා ඉහළ ඉල්ලුමක් අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන යටතේ සංචාරකයින්ට ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශවල නවාතැන්, අත්දැකීම් හෝ සංචාර සඳහා අවම වශයෙන් ඩොලර් 400 ක් වැය කළහොත් ඩොලර් 200 ක් ආපසු ගෙවනු ලැබේ. සංචාරක අමාත්‍ය

Read More »