ස්පාඤ්ඤයේ මැරතන් තරගයකදී හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි සමත් වේ.

ස්පාඤ්ඤයේ මැරතන් තරගයකදී හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි සමත් වේ.

ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමා කරමින් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොදම කාලය වාර්තා කිරිමට හිරුණි විජේරත්න සමත්ව තිබෙනවා.

ඇයගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුම ඔස්සේ සුභ පැතුම් එක් කොට තිබුණා.

2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පලමු අදියර තමන් ආරම්භ කළ බවයි හිරුණි විජේරත්න සඳහන් කර සිටින්නේ.

(Newswire)

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »