Chadstone වෙළඳ සංකීර්ණයෙන් වසර 60 කට පසු අලුත් ගාස්තුවක්

සිය රථගාල් භාවිත කරන පාරිභෝගිකයන්ගෙන් ගාස්තුවක් අය කිරීමට මෙල්බන් හි අතිශය ජනාකීර්ණ සුපිරි වෙළඳ සංකීර්ණයක් වන Chadstone shopping centre පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ (2024) මැයි මාසයේ සිට නොමිළයේ වාහන ගාල් කර තැබිය හැකි වනුයේ පළමු පැය 02 තුළදී පමණයි.

අනතුරුව වාහනය නතර කරන ස්ථානය අනුව ගාස්තු අය කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

1960 දශකයේදී මහජනතාවට විවෘත කිරීමෙන් පසු මේ දක්වා Chadstone shopping centre හි ඕනෑම වේලාවක් නොමිළයේ වාහන ගාල් කර තැබීමට අවස්ථාව සළසා දී තිබුණා.

මේ අතර යෝජිත ගාස්තු ක්‍රමය සම්බන්ධයෙන් පාරිභෝගිකයන් විශාල පිරිසක් අප්‍රසාදය පළකර තිබෙනවා.

ඔවුන් පෙන්වා දී ඇත්තේ තමන් භාණ්ඩ මිළදී ගැනීමටද විශාල මුදලක් වැය කරන බැවින් රථ වාහන නැවතුම් ගාස්තුවක් අය කිරීම අසාධාරණ බවයි.

පලස්තීනය ගැන ඔස්ට්‍රේලියාව සාකච්ඡාවක

පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වීමට නියමිත ඡන්දය පිළිබඳ ඔස්ට්‍රේලියාව තවමත් සාකච්ඡා කරමින් සිටින බව විදේශ අමාත්‍ය පෙනි වොං පවසනවා.

Read More »

යුක්රේන රුසියානු යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 08ක් මියයයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම්වලදී අවම වශයෙන් ශ්‍රී ලාංකික රණවිරුවන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »