Social Housing ආදායම් සීමා යළි සමාලෝචනයට ක්වින්ස්ලන්ඩ් රජය සැරසෙයි

Social Housing හෙවත් සමාජ නිවාස සඳහා අයදුම් කල හැකි ආදායම් සීමා යළි සමාලෝචනය කිරීමට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අවසන් වරට මෙවැනි සමාලෝචනයක් සිදු කර ඇත්තේ 2006 වසරේදී වන අතර අනතුරුව වසර 20 කට ආසන්න කාලයක් ගතවීම සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

සමාජ නිවාස සඳහා අයදුම් කල හැකි තනිකඩ පුද්ගලයින්ගේ සතියක ආදායම ඩොලර් 609 ක් ලෙස සීමා පනවා තිබෙනවා.

දරුවන් දෙදෙනෙකු සිටින පවුලක් සඳහා සතියක් තුළ ඉපැයිය හැකි ආදායම් සීමාව ඩොලර් 999 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ආදායම් සීමා ඉක්මවා ගිය පුද්ගලයන් විසින් සමාජ නිවාස සඳහා යොමු කරන ලද අයදුම්පත් 469 ක් පසුගිය වසරේදී අවලංගු කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් රජයට සිදුවී තිබුණේ.

කෙසේවෙතත් අනෙකුත් ප්‍රාන්තවල තනිකඩ පුද්ගලයින්ගේ සතියක ආදායම් සීමා ඩොලර් 700 ත් 900 ත් අතර ඉහළ අගයකයි පවතින්නේ.

සමාජ නිවාස සඳහා වන සුදුසුකම් ඇතුලත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ද මේ වනවිට එළිදක්වා තිබෙනවා.

ඉදිරියේ දී සමාජ නිවාස ලැබීම සඳහා වන සුදුසුකම් සම්බන්ධ උපදේශන සේවාවක් ද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »