ඔස්ට්‍රේලියා ගවයන් ආනයනය වළකා ඉන්දුනීසියාවෙන් තහනමක්

COW

ඔස්ට්‍රේලියානු අපනයනකරුවන් 04 දෙනෙකුගෙන් ගවයන් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දුනීසියාව තීරණය කර තිබෙනවා.

ඒ ඔවුන් විසින් එරටට යවන ලද ගවයන් අතර සිටි 13 දෙනෙකු සමේ ගැටිති රෝගය ආසාධිත සත්වයන් බවට හඳුනාගැනීමත් සමගයි.

මෑතකාලීනව මෙම රෝගය ඉන්දුනීසියාවේ ගවයන් අතර පළමුවෙන් හඳුනාගැණුනේ පසුගිය වසරේ මාර්තු මාසයේදීයි.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියා භූමිය තුළදී මේ දක්වා ගවයන්ගෙන් එය වාර්තා වී නැහැ.

ගවයන් අතර ව්‍යාප්ත වන සමේ ගැටිති රෝගයෙන් මිනිසුන්ට කිසිදු බලපෑමක් නොමැති බවයි අවධාරණය කෙරෙන්නේ.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »