ඔස්ට්‍රේලියාවට එවීමට සූදානම් කල “අයිස්” ටොන් 10 ක් අල්ලයි

ඔස්ට්‍රේලියාවට එවීමට සූදානම් කර තිබූ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ටොන් 10 කට ආසන්න ප්‍රමාණයක් මෙක්සිකෝවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් බෝතල් 7,200 ක් තුළ සගවා දියර ආකාරයෙන් එවීමට ඒවා සකස් කර තිබී ඇති බවයි පැවසෙන්නේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මේ දක්වා තක්සේරු කර නොමැති අතර ඇතැම්විට ඩොලර් බිලියන ගණනක් විය හැකි බව සඳහන්.

පසුගිය වසරේදීත් මෙක්සිකෝවේ සිට හොංකොං හරහා ඔස්ට්‍රේලියාවට එවා තිබූ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් හොංකොං බළධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 140 ක් ලෙසයි තක්සේරු කෙරුණේ.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »