වික්ටෝරියා සම්මානලාභී ඉදි කිරීම් සමාගමක් බිඳ වැටේ

වික්ටෝරියා ප්‍රාන්තයේ සම්මානලාභී ඉදි කිරීම් සමාගමක් වන ක්ලීව් හෝම්ස් ආයතනයේ ව්‍යාපාර කටයුතු බිඳවැටී තිබෙනවා.

ඩොලර් මිලියන 3.3 ක ණයක් ද සමග සිය මෙහෙයුම් අත්හිටුවීමට සිදුවී ඇති බවයි ඔවුන් අද නිවේදනය කලේ.

මේ වනවිට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය මෙන්ම සමාජ මාධ්‍ය පිටු ද අක්‍රීය තත්වයේයි පසුවන්නේ.

ක්ලීව් හෝම්ස් ආයතනය වෙනත් පාර්ශවයකට පැවරීමට හෝ ඈවර කිරීමටද බලතල පවරා තිබෙනවා.

මෙම වසර තුළදී බංකොළොත් භාවය ප්‍රකාශයට පත්කල මෙල්බන් හි ස්ථාපිත 04 වන ඉදි කිරීම් සමාගම බවට මේ අනුව ක්ලීව් හෝම්ස් ආයතනය පත්වනු ඇති.

2021 වසරේ සිට මේ දක්වා මුලු ඔස්ටේ්‍රලියාව තුළම ව්‍යාපාර බිඳ වැටී ඇති ඉදිකිරිම් සමාගම් සංඛ්‍යාව 2023 ක්.

 

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »