නවසීලන්තයේ වෙඩි තැබීමකින් 03 ක් මරුට / 06 කට තුවාල

නවසීලන්තයේ ජනාකීර්ණම නගරය වන ඕක්ලන්ඩ් නගරයේදී ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉදිකිරීම් පරිශ්‍රයක සිදුකල මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයාද පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී ඇති බවයි එරට වාර්තා සඳහන් කලේ.

මෙය තනි පුද්ගලයෙකු විසින් කල ප්‍රහාරයක් පමණක් බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් අවධාරණය කලා.

කාන්තා ලෝක කුසලානයේ සමාරම්භක තරගය ඕක්ලන්ඩ් නුවරදී ආරම්භවීමට පැය කිහිපයක් තිබියදීයි මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ.

එම තරග කිසිදු බාධාවකින් තොරව පැවැත්වෙන බවටද නවසීලන්ත අගමැතිවරයා සහතික වනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »