කොරෝනා එන්නතෙහි පුරෝගාමියෙකු ලෙස​ ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහේෂි එන්. රාමසාමි ලෝප්‍රකට වේ!

කොරෝනා එන්නතෙහි පුරෝගාමියෙකු ලෙස​ ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහේෂි එන්. රාමසාමි ලෝප්‍රකට වේ!

A pioneer of the Oxford coronavirus vaccine – Maheshi N. Ramasamy, who was born in Sri Lanka!

ලොවපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක් ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද වෛද්‍යවරියක් වන මහේෂි එන්. රාමසාමි ඇතුලත්ව සිටී.

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ඇය එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇති අතර, COVID -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන පුරෝගාමියෙක් ලෙස ලෝප්‍රකට වී තිබේ.

එම එන්නත සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන ” The Lancet” හි පළකර තිබු වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ වෛද්‍ය මහේෂි රාමසාමි ගේ නමයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ, ක්‍රයිස්ට් විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති ඇය බෝවන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් වෛද්‍ය ආයතනවලින් උපාධි ලබාගෙන ඇත.

ඇය දැනට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනු ලබන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ NHS පදනම් භාරයේ සේවය කරයි.

ඇය ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ ප්‍රධාන විමර්ශකවරියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සම්මානලාභී ජේෂ්ඨ සායනික කථිකාචාර්යවරියක් ද වේ.

වෛද්‍ය මහේෂි එන්. රාමසාමි ගේ දෙමව්පියන්ද කීර්තිමත් විද්‍යාඥයින් වේ. ඇගේ මව මහාචාර්ය සමරනායක රාමසාමි වන අතර පියා විද්‍යාඥයෙකු වන රංජන් රාමසාමිය.

(Lankanewsweb) (Image:University of Oxford)

 

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »