තාවකාලික පුහුණු ශ්‍රමික අවම වැටුප අද සිට $ 70,000 තෙක් ඉහළට

තාවකාලික පුහුණු ශ්‍රමිකයන් සඳහා වන අවම වැටුප අද සිට ඉහළයාමට නියමිතයි.

ඒ අනුව සේවායෝජකයෙකු විසින් අනුග්‍රාහකත්වය සපයන පුහුණු ශ්‍රමිකයෙකු වෙනුවෙන් මෙතෙක් පැවති ඩොලර් 53,000 ක අවම වාර්ෂික වැටුප අද සිට ඩොලර් 70,000 දක්වා වැඩිවනු ඇති.

මේ අතර අද සිට ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සංචාරක වීසා අයදුම්පතක් සඳහා වන ගාස්තුව ඩොලර් 190 ක් දක්වාද – සහකරු හෝ සහකාරිය (dependent) සඳහා වන වීසා අයදුම්පත් ගාස්තුව ඩොලර් 8850 ක් දක්වාද ඉහළ යනු ඇති.

ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තුව අද සිට ඉහළ දමා ඇත්තේ ඩොලර් 710 ක් දක්වායි.

සංක්‍රමණික පුහුණු ශ්‍රමික වීසා අයදුම්පතක් සඳහා අය කෙරෙන ගාස්තුව ඩොලර් 4640 ක් බවට පත් වනවා.

පුරවැසිභාවය අයදුම්කරන අයදුම්පතක් සඳහා අද සිට ඩොලර් 540 ක ගාස්තුවක් අය කෙරෙනු ඇති.

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »