Student වීසා රැකියා පැය ගණනට අද සිට සීමාවක් – Temporary Graduate වීසා වලත් වෙනසක්

ඔස්ට්‍රේලියාවේදී උසස් අධ්‍යාපනය හදාරන ජාත්‍යන්තර සිසුන් සඳහා අර්ධ කාලීන රැකියාවල නිරතවිය හැකි කාලය අද සිට නැවතත් සීමා කෙරෙනවා.

ඒ අනුව මෙතෙක් අසීමිත පැය ගණනක් සේවය කල හැකිව තිබූ අවස්ථාව අද සිට අවසන් වන අතර මින් ඉදිරියට සති 02 කට පැය 48 ක උපරිම පැය ගණනක් පමණක් ඔවුන්ට රැකියාවල නිරතවිය හැකියි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේදී අධ්‍යයන පාඨමාලාව සම්පුර්ණ කළ හෝ ඉදිරියේදී සම්පූර්ණ කිරීමට අපේක්ෂාවෙන් සිටින ජාත්‍යන්තර සිසුන් සඳහා වන වීසා කොන්දේසි කිහිපයක්ද අද සිට වෙනසකට ලක්වනවා.

ඒ අනුව Temporary Graduate වීසා බලපත්‍රයක් (Subclass 485) සඳහා අයදුම් කිරීමේදී අවශ්‍යතා කිහිපයක් වෙනස් වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතුවලට අදාළ skilled occupation ලැයිස්තුවේ ඇති රැකියාවකට අදාළ අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතු වනවා.

485 වීසා සඳහා අයදුම් කරන විට අදාළ රැකියාව නම් කළ යුතු අතර අයදුම් කිරීමෙන් පසු නම් කරන රැකියාව වෙනස් කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

නම් කරන ලද රැකියාව සඳහා සුදුසු ලෙස කුසලතා අදාළ තක්සේරු කිරීමේ අධිකාරියක් විසින් තක්සේරු කළ යුතුයි.

ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබාගෙන සිටියදී ඔස්ට්‍රේලියාවේදී ලබාගත් සුදුසුකමක් මත කුසලතා තක්සේරු කරන්නේ නම්, එම සුදුසුකම CRICOS හි ලියාපදිංචි වූ පාඨමාලාවක් හැදෑරීම විය යුතුවීම තවත් කොන්දේසියක්.

එමෙන්ම අවම වශයෙන් නිපුණතා තක්සේරුවක් සඳහා ඉල්ලූම් කර ඇති බවට හෝ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට සාක්ෂි ඉදිරිපත් කළ යුතු වනවා.

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »