දීර්ඝ සති අන්තයේ Double demerit points නියම කිරීම මෙහෙමයි

ලබන සඳුදාට යෙදී ඇති රජුගේ උපන්දිනයත් සමග යෙදී ඇති දීර්ඝ සති අන්තයට සමගාමීව වැරදි සිදුකරන රියදුරන් සඳහා Double demerit points නියම කිරීම අද සිට ආරම්භ වනවා.

නියමිත වේගය ඉක්මවා රිය ධාවනය – ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම – ආසන පටි නොපැළඳීම සහ යතුරු පැදි හිස්වැසුම් නොපැළඳීම ප්‍රධාන වැරදි අතර වනවා.

කෙසේවෙතත් එක් එක් ප්‍රාන්තය අනුව Double demerit points වෙනස් ආකාරයක් ගැනීම විශේෂත්වයක්.

නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවල අද සිට ලබන 12 වන සඳුදා මධ්‍යම රාත්‍රී 12 දක්වා නියම කෙරෙනු ඇති.

බටහිර ඔස්ට්‍රේලියාවේ රජුගේ උපන්දිනය සැමරීම සිදුවන්නේ සැප්තැම්බර් මාසයේදී බැවින් මෙම සති අන්තයේදී Double demerit points අය කිරීමක් සිදුවන්නේ නැහැ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මුලු වසර පුරාම Double demerit points නියම කිරීම සිදුවන බැවින් මෙම සති අන්තයේදී පමණක් විශේෂත්වයක් ගනු ලබන්නේ නැහැ.

වික්ටෝරියා – ටස්මේනියා – දකුණු ඔස්ට්‍රේලියා සහ Northern Territory ප්‍රාන්තවල කිසිදු ආකාරයකින් Double demerit points නියම කිරීමක් සිදුනොවන බැවින් මෙම සති අන්තයේදීත් සාමාන්‍ය පරිදි දඩ නියම කිරීම සිදුවනවා.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »