රජුගේ උපන්දිනය වෙනුවෙන් එක් එක් ප්‍රාන්තයට ලබන සඳුදා නිවාඩු මෙහෙමයි

රජුගේ උපන්දිනය (King’s Birthday) වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තයට ලබන 12 වන සඳුදා දිනයේදී නිවාඩු හිමිවන ආකාරය පැහැදිලි කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා- ACT- Northern Territory සහ ටස්මේනියා ප්‍රාන්තවල ලබන සඳුදා දින ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස අනුගමනය කිරීමට නියමිතයි.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල එදින ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ.

ක්වීන්ස්ලන්ඩ් හි ඔක්තෝබර් පළමු සඳුදා දිනයේද – බටහිර ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් 25 වනදා ද රජුගේ උපන්දිනය වෙනුවෙන් නිවාඩු ලබාදීම සිදුවනවා.

ඔස්ට්‍රේලියාව – නවසීලන්තය – කැනඩාව වැනි තවමත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවතින රටවල රජුගේ උපන්දිනය ලෙස ජූනි මාසයේ දෙවන සඳුදා සැමරීම ආරම්භ වූයේ 1748 වසරේ දෙවන ජෝර්ජ් රජුගේ පාලන සමයේ සිටයි.

අනතුරුව බ්‍රිතාන්‍ය පාලනයට පත්වූ රජවරු සහ දෙවන එළිසබෙත් රැජිණගේ උපන්දින වෙනත් මාසවල යෙදී තිබුණද එම දිනයෙහි වෙනසක් සිදුවූයේ නැහැ.

අනෙකුත් පොදු නිවාඩු දින මෙන් නොව රජුගේ උපන්දින නිවාඩු දිනයේදී වෙළඳසැල් – අවන්හල් – ප්‍රසිද්ධ ස්ථාන වසා තැබීම් ඉතා අවම මට්ටමක පවතින අතර පොදු ප්‍රවාහනයද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »