Cash in hand රැකියාවල නිරත සිසුන්ට ලබන 01 දා සිට වෙන දේ

ලබන ජූලි පළමුවනදා සිට student වීසා ලාභීන්ට අර්ධකාලීන රැකියාවල නිරතවිය හැකි පැය ගණන යළි සීමා කිරීමත් සමග සිසුන්ගේ මානසික පීඩනය ඉහළ යා හැකි බවට විද්වතුන් අනාවැකි පළකරනවා.

නිවාස කුළී – ආහාර වියදම් – ප්‍රවාහන ගාස්තු වැනි සියල්ලෙහි අගයන් ඉහළගොස් ඇති බැවින් වියදම් ආවරණය ගැනීමේ අපහසුතාවය ඊට හේතුවයි.

cash in hand ක්‍රමයට මුදල් ගෙවන රැකියාවල නිරතවන ජාත්‍යන්තර සිසුන්ට මෙහි වැඩිම බලපෑම එල්ලවනු ඇති බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාව තුළදී ජාත්‍යන්තර සිසුන්ට අර්ධ කාලීන රැකියාවල නිරතවිය හැකි පැය ගණන සති 02 කට පැය 40 ක් ලෙස පැවති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේදී එම සීමාව ඉවත් කෙරුණා.

කොවිඩ් වසංගතයත් සමග ඇතිවූ උග්‍ර සේවක හිගය හමුවේ ඇතැම් සේවා පවත්වාගෙන යාමේදී ඇතිවූ ගැටලු ඊට හේතුවයි.

කෙසේවෙතත් ලබන ජූලි 01 වනදා සිට නැවතත් ඒ සඳහා සිමා පැණවෙන අතර ඒ අනුව එදින සිට student වීසා ලාභීන්ට රැකියා කල හැකි වනුයේ සති 02 කට උපරිම පැය 48 ක් පමණයි.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »