කොරෝනා බිය නිසා දුමින්ද, ප්‍රේමලාල් බන්ධනාගාර රෝහලේ වෙනම වාට්ටුවකට!

කොරෝනා බිය නිසා දුමින්ද, ප්‍රේමලාල් බන්ධනාගාර රෝහලේ වෙනම වාට්ටුවකට!

Duminda, Premalal to be moved to separate ward of Prison hospital due to Covid fears.

කොරෝනා වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැලිකඩ​ බන්ධනාගාර රෝහල යොදා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බව සඳහන්.

බන්ධනාගාර පරිපාලන / පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ ප්‍රතිකාර ලබන ආසාදිත සිරකරුවන් 150 කට ආසන්න සංඛ්‍යාවකගෙන් රැඳවියන් 112 දෙනෙකු මහර බන්ධනාගාරයට මාරු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිස බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි වෙනම වාට්ටුවකට ගෙන ගොස් ඇති බව ඔහු පැවසීය.

වැලිකඩ​ බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු බන්ධනාගාර රැඳවියන්ගේ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.

(අරුණ පුවත්පත)

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »