ඔස්ට්‍රේලියාවේ Aged care මධ්‍යස්ථානවල 70% කට ඩිමෙන්ෂියා

ඔස්ට්‍රේලියාවේ Aged care මධ්‍යස්ථානවල සිටින නේවාසික රැඳවියන් ලක්ෂ 03 කට ආසන්න පිරිසෙන් සියයට 70 ක් පමණ ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළෙන බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සමස්ත රට පුරා සිටින ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 04 කට ආසන්න බවටයි තක්සේරු කර ඇත්තේ.

ඉදිරි වසර 10 සඳහා ජාතික ඩිමෙන්ෂියා ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමිනුයි සිටින්නේ.

ඒ යටතේ ඉදිරි වසර 04 සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 66 ක ප්‍රතිපාදන අපේක්ෂා කරන බව ජාතික ඩිමෙන්ෂියා මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඉදිරි වසර 30 තුළදී මෙරට සිටින ඩිමෙන්ෂියා රෝගීන් සංඛ්‍යාව දෙගුණ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

දැනට ඔස්ට්‍රේලියාවේ මරණවලට බලපාන ඉහළම දෙවන හේතුව බවටද එය හඳුනාගෙන ඇති අතර දැනට පළමු ස්ථානයේ පසුවන හදවත් රෝග අභිබවා එය ඉතා නුදුරේදී ප්‍රථමස්ථානයට පැමිණෙනු ඇති බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කාන්තා මරණ අතුරින් වැඩි සංඛ්‍යාවකට හේතුව ලෙස සැළකෙන්නේද ඩිමෙන්ෂියා රෝගී තත්වයයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »