ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් ක්‍රිකට් තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙලූ දඟ පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය අද නව ලෝක වාර්තාවක් බිහි කළා.

ඔහු මෙම ලෝක වාර්තාව බිහි කළේ අයලන්තය සමඟ දැන් පැවැත්වෙන ටෙස්ට් තරඟයේදීයි.

ප්‍රභාත් ජයසූරිය මෙම ලෝක වාර්තාව බිහි කළේ ටෙස්ට් තරඟ 7කින් කඩුලු 50ක් දවා ගනිමින්.

ඔහු විසින් මෙලෙස බිඳ දමන්නේ වසර 71ක් පැරණි ක්‍රිකට් වාර්තාවක් වීමද විශේෂත්වයක්.

මීට පෙර 1952දී බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් මෙම වාර්තාව බිහි කර තිබුණා.

ඒ, තරඟ 8කින් කඩුලු 50ක් බිඳ හෙළමින්.

අඩුම තරඟ සංඛ්‍යාවකින් කඩුලු 50ක් බිඳ හෙලූ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක චාලි ටර්නර්.

ඔහු 1888 දී තරඟ 6කින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙළා තිබුණා.

එමෙන්ම, ප්‍රභාත් ජයසූරිය අද තවත් වාර්තාවක් බිහි කළා.

ඒ, අඩුම තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙළූ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වෙමින්. ඔහු මෙලෙස බිඳ හෙලුවේ තරඟ 11කින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙලූ දිල්රුවන් පෙරේරා පිහිටුවා තිබූ වාර්තාවයි.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »