පාස්කු ප්‍රහාරයට වසර 04 යි – ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක සැමරුම්

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනක් සහ කොළඹ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවී අදට වසර 04 ක් සම්පූර්ණ වනවා.

එදිනම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක සහ දෙහිවල පිහිටි ලැගුම්හලකද අන්තවාදීන් විසින් පිපිරීම් සිදුකල අතර විදේශිකයන් 45 ක් / පොලිස් නිළධාරීන් 3 ක් සහ බෝම්බකරුවන් 8 දෙනාද ඇතුළුව 277 දෙනෙකු සමස්ත ප්‍රහාර මාලාවේදී මරණයට පත් වූණා.

500 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවටද පත්ව සිටිනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ 04 වන අනුස්මරණය වෙනුවෙක් අද ශ්‍රී ලංකාවේදී සමරු වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර ඊට සමගාමීව ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකද විවිධ සැමරුම් සංවිධාන කර තිබෙනවා.

වික්ටෝරියා ග්ලේන් වේවර්ලි හි ස්ප්‍රින්ග්වේල් මාර්ගයේ පිහිටා ඇති ශාන්ත ලෙනාර්ඩ් දේවස්ථානයේදී දිව්‍ය පූජා යාගයක් ආරම්භ වන්නේ පස්වරු 07 ටයි.

(St Leonard’s Church, 349 Springvale Road, Glen Waverley, VIC)

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »