ඉන්දියාවට එරෙහි 04 වන තරගයෙන්ද ඔස්ට්‍රේලියා නායක ඉවතට

ඉන්දියාවට එරෙහි 04 වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ඉවත් වී තිබෙනවා.

ඒ ඔහුගේ මව සිඩ්නි නුවර රෝහලක අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ගැනීම හේතුවෙනුයි.

03 වන ටෙස්ට් තරගයෙන්ද පැට් කමින්ස් ඉවත්ව සිටි අතර ඔහු වෙනුවට කණ්ඩායමේ නායකත්වය පැවරුණේ ස්ටීව් ස්මිත් හටයි.

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර 04 වන ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා අහමදාබාද් හිදී ආරම්භ වනවා.

එක්දින තරගාවලියේ පළමු තරගය මාර්තු 17 වනදා මුම්බායි හිදීත් – දෙවන තරගය 19 වනදා විසාකාපට්නම් හිදීත් – 03 වන තරගය මාර්තු 22 වනදා චෙන්නායි හිදීත් පැවැත්වෙනු ඇති.

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »