ඔස්ටේ්‍රලියාවේ ආගමන විගමන නීති සම්බන්ධයෙන් විමර්ශනයක්

ඔස්ටේ්‍රලියාවේ ආගමන විගමන නීති සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ නීතිවල පවතින ඇතැම් හිඩැස් හේතුවෙන විවිධ අපරාධ – ලිංගික සේවය සහ මිනිස් ජාවාරම් සඳහා පුද්ගලයන් රටට ගෙන්වා ගැනීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

විශේෂයෙන් සංචාරක වීසා සහ ශිෂ්‍ය වීසා මත පැමිණෙන ඇතැමුන් නීති විරෝධි ක්‍රියා සඳහා සම්බන්ධවීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බවද ගවේෂණාත්මක අනාවරණයකදි හෙළිකරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ලබන මැයි මාසයේ අතුරු අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටත් පියවර ගැනීමට නියමිතයි.

කිසිදු අපරාධකැවෙකුට ඔස්ටේ්‍රලියාව තුළ රැකවරණයක් ලැබිය යුතු නොමැති අතර සේවක හිගය විසඳාලීමට පුද්ගලයන් ගෙන්වා ගැනීමේදී සුදුසුම ක්‍රමවේදයක් අනුගමනය කල යුතුව ඇති බවයි ස්වදේශ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් කියාසිටියේ.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »