ANZ බැංකුවේ පොළී අනුපාතික වෙනස්වන අගයන් ප්‍රකාශයට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද සිදුකල cash rate අගය ඉහළ දැමීමට සමගාමීව ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම නිවේදනය ආරම්භ කර තිබෙනවා.

මේ අනුව එම නිවේදනය නිකුත් කල පළමු බැංකුව බවට ANZ බැංකුව පත්වු අතර ලබන 17 වනදා සිට තම නිවාස ණය පොළී අනුපාතික අගයන් සියයට 0.25 කින් වැඩි කරන බවයි ඔවුන් සඳහන් කලේ.

ANZ බැංකුවෙන් ඩොලර් 450,000 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුට මේ අනුව මාසික වාරිකය වැඩිවීම ඩොලර් 66 ක් බවට පත්වනවා.

එමෙන්ම ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබාදෙන වාර්ෂික පොළියද වැඩි කෙරෙන අතර ඩොලර් 250,000 ට අඩු ශේෂයක් සහිත ගිණුම් සඳහා වන වාර්ෂික පොළිය සියයට 04 ක් දක්වා ඉහළ යනු ඇති.

අඛණ්ඩව 09 වන වරටත් ෆෙඩරල් සංචිත බැංකුව විසින් cash rate අගය ඉහළ දැමූ අතර ඒ අනුව පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් cash rate අගය වැඩි කර ඇති අතර දැනට සියයට 3.1 ක් ලෙස පවතින එය සියයට 3.35 දක්වා මේ අනුව ඉහළ යනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 7.8 ක් දක්වා ඉහළගොස් තිබීම හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ෆිලිප් ලෝ කියාසිටියා.

ලබන අගෝස්තු මාසය දක්වා cash rate අගය වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »