සෞඛ්‍ය ගැටලු නිසා පාසල් නොඑන ඔස්ටේ්‍රලියානු සිසුන් ඉහළට

මානසික සෞඛ්‍ය ගැටලු සහ විවිධ රෝගාබාධ හමුවේ පාසල් පැමිණිමෙන් වැළකී සිටින සිසුන් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.

පසුගිය වසරේදී ප්‍රාථමික පාසල් සිසුන්ගේ පාසල් පැමිණිමේ ප්‍රතිශතය සටහන්වී ඇත්තේ සියයට 87.8 ක් ලෙසයි.

එය 2021 වසර හා සැසඳීමේදී සියයට 4.5 ක පහළයාමක් බවයි අද නිකුත් වු සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

උසස් පාසල්වල පැමිණිමේ ප්‍රතිශතය සටහන් වී ඇත්තේ සියයට 84.7 ක් ලෙස වන අතර එය 2021 වසර හා සැසඳීමේදී සියයට 4.1 ක පහළයාමක්.

වැඩිම පහළයාම ACT ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එය සියයට 6.1 ක්.

දකුණු ඔස්ටේ්‍රලියාව – වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත සියල්ල සියයට 05 කට වැඩි පහළයාම් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රේණි වශයෙන් සැළකීමේදී වැඩිම නොපැමිණිම් ප්‍රතිශතයක් වාර්තා වන්නේ 10 – 11 සහ 12 යන ශ්‍රේණිවල සිසුනුයි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »