නිවු සවුත් වේල්ස් දුම්රිය වර්ජන අවසන් වන ළකුණු

වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඉදිරිපත් කර ඇති ගිවිසුම සඳහා එකග වීමට දුම්රිය සේවකයන් තීරණය කර තිබෙනවා.

1000 කට වැඩි සේවකයන් අතර පැවැත්වු රහස් ඡන්ද විමසිමකදී සියයට 93 ක් පමණ ඊට කැමැත්ත පළකර තිබීම විශේෂත්වයක්.

මේ අනුව ඉදිරි පළමු වසරේදී සේවකයන්ට සියයට 2.53 ක වැටුප් වැඩිවිමක්ද – දෙවන වසරේදී සියයට 3.03 ක වැටුප් වැඩිවීමක්ද ලැබීමට නියමිතයි.

ඊට අදාළ superannuation ගෙවීම් පසුගිය මැයි මාසය දක්වා ආපස්සට සළකා බැලෙනු ඇති.

විවිධ හේතු මත නිවාඩු අයදුම් කිරීමේදී වැඩි අවස්ථාවක් හිමිවීමද මෙම ගිවිසුමට අන්තර්ගතයි.

මෙම එකගතා Fair Work කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලාත්මක වනු ඇති.

වැටුප් ගැටලුව පදනම් කරගනිමින් නිවු සවුත් වේල්ස් හි දුම්රිය වෘත්තිය සමිති විසින් වසරක පමණ සිට විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.

 

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »