ලංකාවේ උපත ලැබූ දෙදෙනෙකුත් අද ඇගයීම් ලැයිස්තුවේ

වසරේ ඔස්ටේ්‍රලියානුවා සම්මානය පිරිනැමීම මෙන්ම Australia Day Honours ලෙස 1047 දෙනෙකු ඇගයීමට ලක් කිරීමද ආණ්ඩුකාර ජනරාල් සහ අග්‍රාමාත්‍යවරයා සහභාගීවන උත්සවයකදී අද සිදුවනවා.

ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබාසිටින දෙදෙනෙකුද ඊට අයත්.

සිඩ්නි නුවර පදිංචි ගයිල්ස් ගුණසේකර සහ මහාචාර්ය තිස්ස විජේරත්න ඔවුන් දෙදෙනායි.

ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබන පිරිසකට නිල වශයෙන් එය පිරිනැමීමද සිදුවන්නේ අද දිනයේදීයි.

ඒ කැන්බරා අගනුවර පැවැත්වෙන නිල ජාතික දින උත්සවයේදී ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි සහ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ඉදිරියේදීයි.

සිඩ්නි – මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර ගණනාවකදීත් අද දිනය පුරා විවිධ ජාතික දින උත්සව සංවිධාන කර තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »