ප්‍රධාන බැංකු පොළී අනුපාතික ඉහළ දමන දින වකවානු ප්‍රකාශයට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉහළ දමන ලද cash rate අගයන්ට සමානුපාතිකව ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික ඉහළ දමන දින වකවානුද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 20 වනදා සිට නිවාස ණය පොළී අනුපාතික 0.25 කින් ඉහළ දමන බවයි වෙස්ට්පැක් බැංකුව නිවේදනය කලේ.

ඉතුරුම් ගිණුම් සඳහා පොළී අනුපාතික ඉහළ දැමීම දෙසැම්බර් 16 වනදා සිට බලාත්මක කෙරෙන බවද ඔවුන් සඳහන් කලා.

NAB සහ ANZ යන බැංකු විසින් උකස් පොළී අනුපාතික ඉහළ දැමීම සිදුකරනු ලබන්නේ ලබන 16 වනදා සිටයි.

වසර 10 කට පසු ඔස්ටේ්‍රලියාවේ cash rate අගය ඉහළම අගයට අද පත්වුණා.

ඒ සියයට 2.85 ක්ව පැවති cash rate අගය පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් වැඩි කිරීමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කිරීමත් සමගයි.

මේ අනුව 2012 වසරේ නොවැම්බර් මාසයේ සියයට 3.25 ක් ව පැවති cash rate අගය වසර 10 කට පසු ඉහළම අගයකට පත්ව තිබෙනවා.

ඔස්ටේ‍රලියාව මුහුණදී ඇති අධික උද්ධමනය මීට ප්‍රධාන හේතුව බවයි ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධාන ෆිලිප් ලෝ අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

පසුගිය මැයි මාසයේදී මෙරට cash rate අගය සියයට 0.1 ක් ලෙස පැවති අතර ගතවූ මාස 08 තුළදී එය සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව වසර 25 ක් සඳහා ඩොලර් ලක්ෂ 05 ක උකස් ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරික මුදල තවත් ඩොලර් 75 කින් වැඩිවනු ඇති.

එනම් මාස 08 ක් තුළදී වාරික වැඩිවීම ඩොලර් 834 ක්.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »