ඔස්ට්‍රේලියාවටත් බලපාන රටක් විවාහයට පෙර ලිංගික ක්‍රියා තහණම් කරයි

විවාහයට පෙර ලිංගික ක්‍රියාවල නිරතවීම අපරාධමය වරදක් බවට පත් කර ඉන්දුනීසියාව විසින් නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා.

එරට පුරවැසියන්ට පමණක් නොව ඉන්දුනීසියාවේ සංචාරය කරන විදේශිකයන්ටද බලපාන අයුරිනුයි එම නීතිය සම්මත කර ඇත්තේ.

එම රෙගුලාසි කඩ කල අයෙකු වෙතොත් වසරක උපරිමයක් දක්වා වන සිර දඩුවමක් පැණවීමටද හැකියාව පවතිනවා.

ඊට අමතරව තවත් මාස 06 ක පුනුරුත්ථාපන ක්‍රියාවලියකට පවා යොමුකල හැකියි.

ඉන්දුනීසියාවේ බාලි වැනි ප්‍රදේශ ඔස්ටේ්‍රලියානු සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය අතර මෙම නීති මාලාව ඔවුන්ටද බලපැවැත්වෙනු ඇති.

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »