
ඉරාකයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ඕම් ෆහාඩ් නම් තරුණිය බැග්ඩෑඩ් හි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඉරාකයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ TikTokහි ප්‍රසිද්ධියට පත් කාන්තාවක් නාඳුනන කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇති බවයි.
ඇයගේ මරණය විමර්ශනය සඳහා විශේෂිත කණ්ඩායමක් යොදවා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

ෆහාඩ්ගේ සැබෑ නම ගුෆ්රාන් සවාදි වන අතර ඇයගේ මෝටර් රථයට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තනි පුද්ගලයකු විසින් බව වාර්තා වනවා.
ඉරාක ආරක්ෂක මූලාශ්‍රයක් පැවසුවේ ප්‍රහාරකයා ආහාර බෙදා හරින නියෝජිතයෙකු ලෙස පෙනී සිට ඇති බවයි.

ඕම් ෆහාඩ් TikTok හි ප්‍රසිද්ධියට පත් වූයේ ඇය හැඩ ගන්වන ඇඳුම්වලින් පොප් සංගීතයට නර්තනයේ යෙදෙන වීඩියෝ හේතුවෙන්.
ඇයගේ වීඩියෝ හේතුවෙන් විනීතකම සහ පොදු සදාචාරය හෑල්ලු වන බවට ලැබුණු අධිකරණ නියෝගයක් හමුවේ මෙම තරුණියට පසුගිය 2023 වසරේ මාස හයක සිර දඬුවමක් ද නියම වුණා.