තීරණාත්මක කැබිනට් රැස්වීම සිකුරාදාට කල් යයි

හෙට දිනයේදී පැවැත්වීමට නියමිත වූ තීරණාත්මක ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ලබන සිකුරාදා දිනය දක්වා කල් දමා තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් දෙවන වරටත් කොවිඩ් ආසාධනය වීමයි ඊට හේතුව වී ඇත්තේ.

බලශක්ති ගාස්තු අඩු කෙරෙන යෝජනාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබූ ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමටයි අගමැතිවරයා සූදානමින් පසුවූයේ.

කෙසේවෙතත් ඒ සඳහා නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් අගමැතිවරුන් විරුද්ධත්වය පළකර ඇති බවටද වාර්තා පළවුණා.

කුමන බාධා පැමිණියද මාස කිහිපයක් තුළ ඔස්ටේ්‍රලියානුවන්ගේ බලශක්ති ගාස්තු ගැටලුවට විසඳුමක් දෙන බවට අගමැති ඇල්බනීස් සහතික වනවා.

තම ඉලක්කය පෙබරවාරි මාසය වනවිට ගාස්තු අඩු කිරීම බවයි අගමැතිවරයා සඳහන් කලේ.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »