පැට් කමින්ස් IPL ගැන තීරණයක් ගනී

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් තීරණය කර තිබෙනවා.

කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියට පෙර පෙබරවාරි හා මාර්තු මාසයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරග 4 කින් යුත් තරගාවලියක් ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව එංගලන්තයේ දී අලුබදුන ටෙස්ට් තරගාවලිය මෙන්ම ඉන්දියාවේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ද මෑතකදී පැට් කමින්ස් නම් කෙරුණු අතර, ඒ අනුව ලබන වසරේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඔහු එක්දින තරගාවලි රැසක් සදහා ද ක්‍රීඩා කරනු ඇති.

අලුබදුන හා ලෝක කුසලාන තරගාවලියට පෙර විවේකයක් ලබා ගැනීමේ අරමුණින් තමා ලබන වසරේ පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කළ බවයි පැට් කමින්ස් සදහන් කළේ.

ඔහුව කොල්කටා කණ්ඩායම විසින් පසුගිය තරග වාරය සදහා ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 7.25 මුදලකටයි.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »