වික්ටෝරියා ජල ගැලීම් නිසා VCE විභාග ළකුණුවල වෙනසක්

ජල ගැලීම්වලට ලක්ව වසා දමා ඇති ප්‍රදේශවල පාසල්වල VCE විභාගයට පෙනී සිටින සිසුන්ට සහන සැළසීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ පාසල් 80 ක පමණ සිසුන්ට එම අවස්ථාව උදාවන බවයි.

ඒ අනුව වාර අවසාන විභාග සඳහා පෙනී සිටීමට අවශ්‍ය උපකාර ඔවුන්ට හිමිවනු ඇති.

ඇතැම් සිසුන්ගේ සමත් ළකුණු සංඛ්‍යාවේ වෙනසක් කිරීමට වුවද සිදුවනු ඇති බව අගමැතිවරයා කියාසිටියා.

ජල ගැලීම් හේතුවෙන් සිසුන්ගේ විභාගවලට කිසිදු බාධාවක් වීමට ඉඩක් නොතබන බවයි ඩැනියල් ඇන්ඩෲස් අවධාරණය කලේ.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »