බැසිල් අගමැතිකමට ?

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (18) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යරයා මේ බව කියා සිටියේය.

විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ නැවත දිවයිනට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සූදානමක් තියෙනවා ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, “ඒ වගේ දේවල් ගැන කැබිනට් මණ්ඩලයේ දී කිසිදු සාකච්ඡාවක් වුණේ නෑ. ස්ථිර වශයෙන්ම” යනුවෙන්.

ප්‍රශ්නය – විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා නැවත දිවයිනට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සූදානමක් තියෙනවා ද?

පිලිතුර – “ඒ වගේ දේවල් ගැන කැබිනට් මණ්ඩලයේ දී කිසිදු සාකච්ඡාවක් වුණේ නෑ. ස්ථිර වශයෙන්ම”

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »