කාසියේ වාසිය එමීර් රාජ්‍යයට – පළමුවෙන් පන්දු යවයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමුවෙන් පන්දු යවන්න තීරණය කලා.

Geelong හි kardinia park ක්‍රීඩාංගණයේදී ඔස්ටේ්‍රලියාවේ වේලාවෙන් රාත්‍රී 07 ට හෙවත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 30 ට තරගය ආරම්භ වනු ඇති.

නැමීබියාවට එරෙහි තරගයේදී ලද පරාජය හමුවේ ශ්‍රී ලංකාව මේ වනවිට A කාණ්ඩයේ අවසාන ස්ථානයේයි පසුවන්නේ.

එබැවින් තරගාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුයි.

ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද අවසානයට සහභාගී වූ පන්දුවාර 20 තරගය පරාජයට පත්ව සිටීම විශේෂත්වයක්.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »