ධාරාණිපාත වැසි තත්වය නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වෙත

වික්ටෝරියා සහ ටස්මෙනියාවට බලපෑ ධාරාණිපාත වැසි තත්වය ඉදිරි දිනවලදී නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සඳහා බලපානු ඇති බවට අනාවැකි පළවනවා.

එම තත්වයද දින කිහිපයක් පවතිනු ඇති බවටයි කාළගුණ අනාවැකියේ සඳහන් වන්නේ.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ මෙන් දරුණු ජල ගැලීම් තත්වයක් එහිදී ඇති නොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ලබන ඉරිදා හෝ සඳුදා වනවිට අයහපත් කාළගුණ තත්වය මුලුමනින්ම පහව යනු ඇති බව කාළගුණ නිවේදනයේ සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ ජල ගැලීම් හමුවේ තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සිටින පුද්ගලයන් සංඛ්‍යාව 11,000 කට අධිකයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »