වික්ටෝරියා ජල ගැලීම්වලට ලක්වූ ජනතාවට උකස් ණය සහනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ජල ගැලීම්වලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට උකස් ණය ගෙවීමේ සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවි තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ තමා සියලුම බැංකුවල ප්‍රධාන විධායක නිළධාරීන් වෙත එම ඉල්ලීම ලිඛිතව දැන්වූ බවයි.

ආපදා සහන වැඩපිළිවෙල සඳහා මේ වනවිට 3000 කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බවත් වික්ටෝරියා අගමැතිවරයා තහවුරු කලා.

ඔවුන්ට අදාළ හදිසි සහන හැකි ඉක්මණින් සැපයීමට පියවර ගන්නා බවයි ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

ජල ගැලීම්වලට ලක්ව සිටින වික්ටෝරියානුවන්ට සහන සැලසීම වෙනුවෙන් මේ වනවිට මධ්‍යස්ථාන 14 ක් ස්ථාපිත කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »