රනිල් දූෂිතයන් රකින්නේ නෑ – වජිර

දේශපාලකයන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ හැර ගියේ වංචා දූෂණ, නඩුහබ ආදියෙන් බේරාගැනීම වෙනුවෙන් රනිල් කිසි විටෙක පෙනී නොසිටීම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

එලෙස රනිල් වික්‍රමසිංහ හැර ගිය පිරිසේ ඇතැම් අය ජනාධිපතිවරයා දූෂිතයන් වංචාකරුවන් ස්ත්‍රී දූෂකයන් බේරා ගන්නවා යැයි චෝදනා නගමින් සිටින බව කී එජාප සභාපතිවරයා රනිල් වික්‍රමසිංහ කිසිම අවස්ථාවක අධිකරණයට බලපෑම් කර ඇතැයි ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සදහටම සමු ගන්නා බවද සඳහන් කළේය.

අධිකරණය ,ව්‍යවස්ථාදායකය සහ විධායකය යන කුළුණු තුනේ සමබරතාවය රැක ගනිමින් ශිෂ්ඨ සම්පන්න ලෙස රට පාලනය කිරීමට හැකියාව තිබෙන වර්තමානයේ සිටින එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ද එජාප සභාපති වජිර අබේවර්ධන සඳහන් කළේය.

ඔහු කිසිවිටෙක ඉතිහාසයේ හෝ වර්තමානයේ මෙම බල තුලනයන් ට හානි වන අයුරින් අයුතු බලපෑම් කර නැතැයි පැවසූ එජාප සභාපතිවරයා අඩු ගණනේ තමා ජීවත් වූ පාරම්පරික නිවසට ගිනි තැබූ අය සෙවීමේ පොලිස් පරීක්ෂණ සඳහාවත් ජනාධිපති බලතල පාවිච්චි කරමින් අයුතු බලපෑම් කර නැති බව සිහිපත් කළේය.

අධිකරණ තීන්දු දේශපාලන බලයට නතු කරගන්නට උත්සාහ කළ යුගයක් ද පැවති බව කී අබේවර්ධන, රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ කිසි කලෙක අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට කටයුතු කරන්නේ නැති බවද අවධාරණය කළේය.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »