T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය කල් යයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ලබන සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය එක් දිනකින් කල් දමා තිබෙනවා.

ඒ අනුව එය අගහරුවාදා මෙල්බන් වේලාවෙන් පස්වරු 2.30 ට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි (MCG) ආරම්භ වීමට නියමිතයි.

සිම්බාබ්වේ කණ්ඩායම මෙල්බන් වෙත ළගාවීම ප්‍රමාදවීමයි මීට හේතුවී ඇත්තේ.

ශ්‍රී ලංකාව සහභාගීවන 02 වන පුහුණු තරගය ලබන බ්‍රහස්පතින්දා මෙල්බන් වේලාවෙන් පස්වරු 03 ට junction oval හිදී පැවැත්වෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා – නැමීබියා තරගය ලබන 16 වන ඉරිදා දිනයේදී Geelong හි kardinia park ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »