තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කල 04 ක් මෙල්බන්හිදී අත්අඩංගුවට

මෙල්බන් දුම්රිය ස්ථානයක් අසලදී තරුණයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කල තවත් තරුණයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොණු කර තිබෙනවා.

Lilydale දුම්රිය ස්ථානය අසල Maroondah Highway අසලදීයි ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වි තිබුණේ.

පහරකෑමට ලක්වූ 18 හැවිරිදි තරුණයා මුහුණට සිදුවූ බරපතල තුවාල හමුවේ රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16 ත් 17 ත් අතර වන තරුණයන් 04 දෙනෙකුයි.

ඔවුන් පසු දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »