පර්ත් හෙදියන් මෙල්බන් හෙදියන් අනුගමනය කරන්න යයි

How_to_become_a_registered_nurse_612px

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ හෙදියන් සේවා මුරවල යෙදවීමේ ක්‍රමවේදය වහාම සංශෝධනය කල යුතු බවට නිර්දේශ ලැබී තිබෙනවා.

ප්‍රාන්ත රජය විසින් පත් කල කමිටුවක් විසින් ලබාදී ඇති වාර්තාවකයි එම නිර්දේශ ඇතුළත් වී ඇත්තේ.

බටහිර ඔස්ටේ්‍රලියාවේ එක් හෙදියක විසින් ආවරණය කල යුතු රෝගීන් සංඛ්‍යාවේ අනුපාතය ඉහළ අගයක් ගන්නා බව මෙම වාර්තාවට ඇතුළත්.

එය වික්ටෝරියා ප්‍රාන්තයේ හෙදියන් සහ රෝගීන් අතර අනුපාතය දක්වා පහළට ගෙන ආ යුතු බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය වෙත ලැබී ඇති වාර්තාවට අන්තර්ගත වන්නේ.

මේ අතර බටහිර ඔස්ටේ‍රලියාවේ හෙදියන් ලබන බදාදා දිනයේදි සේවයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ හෙදියන් විසින් මුහුණ දි සිටින සේවා ගැටලු විසඳීමට ප්‍රාන්ත රජය මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවට චෝදනා කරමිනුයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »