ඇදුම ගැන වික්ටෝරියාවාසීන්ට යළි සිහි කැඳවීමක්

කුණාටු සමය එළඹීමත් සමග ඇදුම (thunderstorm asthma) රෝග තත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නැවත දැනුම්දීමක් සිදුකරනවා.

මෙවර වාතාශ්‍රයේ අංශූ ප්‍රතිශතය වැඩි අගයක් ගෙන ඇති බැවින් රෝගීන් සංඛ්‍යාවේද වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව සඳහන්.

මෑතකාලීන ඉතිහාසයේ හමුවේ මෙල්බන් නගරයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සටහන් වී තිබුණේ 2016 වසරේදී වන අතර එහිදී පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත්වී තිබුණා.

කෙසේවෙතත් මෙවර එම තත්වය ඉක්මවා යනු ඇති බවටද අනාවැකි පළවනවා.

සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටින්නේ ඇදුම රෝගයෙන් පෙළෙන්නන් හැකිතාක් බාහිර පරිසරයට නිරාවරණය නොවී සිටින ලෙසටයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »