ඔස්ටේ්‍රලියාවේ විදුලි සමාගම් $ බිලියන 10 ක අමතර ගාස්තු අයකර ඇතැයි හෙළිවෙයි

පසුගිය වසර 08 පුරා ඔස්ටේ්‍රලියානුවන් විසින් විදුලි සමාගම් වෙත ඩොලර් බිලියන 10 ක පමණ අමතර මුදලක් ගාස්තු ලෙස ගෙවා ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

අදාළ සමාගම් වල වියදම සහ පාරිභෝගික බිල්පත් මගින් ලද ආදායම සළකා බැලීමේදී ඩොලර් බිලියන 1.2 ක අමතර ලාභයක් ඔවුන් විසින් උපයාගෙන ඇති බව සඳහන්.

ඒ අනුව එක් විදුලි බිල්පතකින් පාරිභෝගිකයෙකු විදුලි සමාගම් වෙත ලබාදී ඇති අමතර ගාස්තුව සියයට 6.8 ක් පමණ වන අතර ඩොලර් 800 ත් 1200 ත් අතර අමතර මුදලක් ඔවුන් විසින් ගෙවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

2014 ත් 2017 ත් අතර කාලයේදී විදුලි සමාගම් විසින් උපයාගෙන ඇති ලාභය සියයට 67 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබූ බවද මෙම වාර්තාව හෙළි කර තිබෙනවා.

විදුලි සමාගම් විසින් ගාස්තු ගණනය කිරීමේදී පිරිවැය සඳහා නියමිත මුදලට වඩා වැඩිපුර තක්සේරු කර තිබීමයි මීට ප්‍රධාන හේතුව වන්නේ.

මෙලෙස වැඩිපුර ලබාගෙන ඇති මුදල් පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති සඳහා යොදවන බවටද විදුලි සමාගම් විසින් එකග වී ඇති බවද සඳහන්.

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »