මෙල්බන් ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථානයක් වසා දමයි

ඩොලර් මිලියන 580 ක වියදමින් මෙල්බන් උතුරු ප්‍රදේශයේ ඉදිකල නිරෝධායන මධ්‍යස්ථානය ලබන සතියේදී වසා දැමීමට තීරණය කර තිබෙනවා.

නිරෝධායනය සඳහා පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළයාමයි ඊට හේතුව වන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේදී විවෘත කිරීමත් සමග මේ දක්වා පුද්ගලයන් 2168 දෙනෙකු මෙම ස්ථානයේ නිරෝධායනය අවසන් කර තිබෙනවා.

සියලු වික්ටෝරියානුවන්ට මේ හරහා ආරක්ෂිත වාතාවරණයක් නිර්මාණය කිරීමට හැකිවූ බව ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

මෙය වසා දැමීම යනු කොවිඩ් වසංගතයට එරෙහි සටනේදී වික්ටෝරියා ප්‍රාන්ත රජය ලැබූ තවත් ජයක් බවයි ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »