ඔප්ටස් සයිබර් ප්‍රහාරයේදී PIN අංක ලක්ෂ 21 ක් සොරාගෙන

දින කිහිපයකට පෙර එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී පුද්ගලික අනන්‍යතා අංක ( PIN හෙවත් personal identification numbers) ලක්ෂ 21 ක් සොරා ගැනීමට ලක්ව ඇතැයි ඔප්ටස් සමාගම අද නිල වශයෙන් නිවේදනය කලා.

සමාගමේ සමස්ත පාරිභෝගිකයන් මිලියන 9.8 අතුරින් මිලියන 7.7 ක් කිසිදු බලපෑමකට ලක්ව නොමැති බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

සොරා ගැනීමට ලක්වූ PIN අංක අතරට විදේශ ගමන් බලපත් අංක 150,000 ක් සහ අංක 50,000 ක් පමණ ඇතුළත් වනවා.

සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔප්ටස් සමාගම ඊයේ සිට ස්වාධීන විමර්ශනයක් ආරම්භ කල අතර එහිදීයි මෙම තොරතුරු අනාවරණ වි ඇත්තේ.

සයිබර් ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා ඔප්ටස් සමාගම සහය නොදක්වන බවටයි සයිබර් ආරක්ෂණ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් චෝදනා කර සිටියේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »